යුක්තියේ මෙහෙයුමේදී ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලවා ගංජා ඔතාගෙන පානය කළ බව කියන බෙලිඅත්ත පොලිසියේ පොලිස් නිලධාරින් පස්දෙනකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කිරීමට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.
සිර මැදිරිය තුළ රඳවා සිටි සැකකරු සන්තකයේ තිබී ගංජා මිලිග්‍රෑම් 280 ක් හා ලයිටරයක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
එලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ පොලිස් සැරයන්වරු තිදෙනෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේය
ගංජා ග්‍රෑම් පනහක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බෙලි ඇත්ත පොලිසියේ අංක 2 සිරමැදියේ රඳවා සිටියදී වැඩ තහනමට ලක්වූ සැරයන්වරුන් තිදෙනා සහ කොස්තාපල්වරුන් දෙදෙනා ගංජා සුරුට්ටු තුන බැගින් ඔතාගෙන පානය කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි තංගල්ල දිස්ත්‍රික් එක විසින් සිදු කරන ලද කරුණු දැන ගැනීමේ පරීක්ෂණයක් මගින් අනාවරණය වී ඇති පරිදි පොලිස් නිලධාරීන් පස්දෙනාගේ විනය විරෝධී ක්‍රියාව හා අපකීර්ති දායක හැසිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2023 ජූලි මස 30 වෙනිදින නිකුත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී යන රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ වගන්ති වලට අනුකූලව මූලික විනය පියවරක් වශයෙන් පෙරේදා (8) වෙනිදින ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර ඇති බව බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය
තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ බි කීර්තිරත්න මහතා වැඩ තහනමේ නියෝගය නිකුත් කර ඇත